වෙන්නප්පුව, දකුණු උල්හිටියාව ප්‍රදේශයේ නිවසක නවතා තිබිය දී කොල්ලකා පැහැරගෙන ගිය KDH වර්ගයේ වෑන් රථය මහනුවර ප්‍රදේශයේ දමාගොස් තිබිය දී අද සොයාගෙන තිබෙනවා.
මහනුවර – පේරාදෙණිය මාර්ගයේ බාලිකා පාසලක් ඉදිරිපිට මෙම වෑන් රථය දමා සැකකරුවන් දෙදෙනෙක් යතුරුපැදියක නැඟී පළාගොස් ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.
කොල්ලකරුවන් විසින් එලෙස දමාගිය වෑන් රථය මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධරීන් විසින් මෙලෙස සොයාගෙන තිබෙනවා.
වෙන්නප්පුව, දකුණු උල්හිටියාව ප්‍රදේශයේ නිවසක මුරකරු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ අත් පා ගැටගසා ඔහුව ඝාතනය කර මෙම වෑන් රථය පෙරේදා (13) දහවල් කාලයේ කොල්ලකා තිබුණා.
පොලිසිය සඳහන් කළේ මාරවිල, මූදූකටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් කොල්ලකරුවන් විසින් මෙලෙස ඝාතනය කර ඇති බවයි.





