මුරකරු මරා කොල්ල කෑ KDH වෑන් රිය මහනුවරින් සොයාගැනේ

වෙන්නප්පුව, දකුණු උල්හිටියාව ප්‍රදේශයේ නිවසක නවතා තිබිය දී කොල්ලකා පැහැරගෙන ගිය KDH වර්ගයේ වෑන් රථය මහනුවර ප්‍රදේශයේ දමාගොස් තිබිය දී අද සොයාගෙන තිබෙනවා.

මහනුවර – පේරාදෙණිය මාර්ගයේ බාලිකා පාසලක් ඉදිරිපිට මෙම වෑන් රථය දමා සැකකරුවන් දෙදෙනෙක් යතුරුපැදියක නැඟී පළාගොස් ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

කොල්ලකරුවන් විසින් එලෙස දමාගිය වෑන් රථය මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධරීන් විසින් මෙලෙස සොයාගෙන තිබෙනවා.

වෙන්නප්පුව, දකුණු උල්හිටියාව ප්‍රදේශයේ නිවසක මුරකරු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ අත් පා ගැටගසා ඔහුව ඝාතනය කර මෙම වෑන් රථය පෙරේදා (13) දහවල් කාලයේ කොල්ලකා තිබුණා.

පොලිසිය සඳහන් කළේ මාරවිල, මූදූකටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් කොල්ලකරුවන් විසින් මෙලෙස ඝාතනය කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46