මුම්බායි පිතිකරුවන් වන්කඩේ පිටියේදීම දණගැස්සූ මතීෂ චෙන්නායි පිළට සුපිරි ජයක් ගෙනඑයි

මතීෂ පතිරණගේ සුපිරි පන්දු යැවීම හමුවේ මෙවර අයි.පී.එල් තරගාවලියේ සිව්වන ජයග්‍රහණය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඊයේ (14) රාත්‍රියේ හැකියාව ලැබුණා.

මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා චෙන්නායි ක්‍රීඩකයින් ජයගත්තේ ලකුණු 20කින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යා පළමුව පන්දුවට පහරදීමට චෙන්නායි ක්‍රීඩකයින්ට ආරාධනා කළේ තම පන්දු යවන්නන් පිළිබඳව විශ්වාසය තබමින්.

පාණ්ඩ්‍යා විසින් මෙම තරගයේ දී චෙන්නායි පිතිකරුවන් පාලන කිරීමට තමන් සමඟ තවත් පන්දු යවන්නන් හයදෙනෙකු යොදාගත් අතර එම පන්දු යවන්නට නිසි පිළිතුරක් සපයන්නට චෙන්නායි පිතිකරුවන් සමත් වුණා.

ඒ, අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 206ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී චෙන්නායි නායක රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 69ක් සහ ශිවම් ඩුබේ නොදැවී ලකුණු 66ක් රැස් කිරීමට සමත් වුණා.

චෙන්නායි ඉනිමේ අවසන් පන්දුවාර හතරේ දී පිටියට පිවිසි මහේන්ද්‍ර සිං දෝනි පන්දු 04ක් තුළ වේගවත් ලකුණු 20ක් රැස් කළේ පිට පිට එල්ල කළ දැවැන්ත හයේ පහරවල් තුනක් ද සමඟින්.

පන්දු යැවීමේ දී හර්දික් පාණ්ඩ්‍යා පන්දුවාර 03ක් යවා ලකුණු 43ක් ලබා දී කඩුලු 02ක් බිඳ දැමුවා.

ජස්ප්‍රිත් බුම්රා සිය පන්දුවාර 04 අවසන් කළේ ලකුණු 27ක් පමණක් ලබාදෙමින්.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට මුම්බායි ආරම්භක පිත්කරුවන් යුගළය පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා එක්ව සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් වුණා.

චෙන්නායි කණ්ඩායමට හිසරදයක්ව තිබූ ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව මතීෂ පතිරණ යැවූ පළමු පන්දුවෙන්ම බිඳ දැමුවේ ලකුණු 23ක් ලබාගෙන සිටි ඉෂාන් කිෂාන් දවාගනිමින්.

ඔහුගේ දැවියාමෙන් පසු පිටියට පිවිසි සූර්යකුමාර් යාදව් ද ලකුණු ලබාගැනීමට පෙර දවා ගන්නට මතීෂට හැකියාව ලැබුණා.

මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට තනිව සටනක නිරත වූ රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 105ක් රැස්කළ අතර, ඔහුගේ එම සුපිරි ඉනිම මුම්බායි ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ, අනුව මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ පන්දුවාර 04 තුළ ලකුණු 28කට කඩුලු 04ක් බිඳ දැමූ අතර, තුෂාර් දේශපාන්ඩේ සහ මුස්තාෆිසුර් රහ්මාන් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ලකුණු 20කින් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
9
+1
2
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34