මුම්බායි ඉන්දියන්ස් පිළට IPL පිටියේ ඓතිහාසික තරගයක ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඓතිහාසික ජයක් වාර්තා කරන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඊයේ (30) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, අයි.පී.එල්. තරග ඉතිහාසය තුළ පැවැත් වූ 1000 වන තරගයේ ජය තමන් සතුකර ගනිමින්.

මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිළ ජයගත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයින් පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 212ක් රැස් කළා.

එහිදී රාජස්ථාන් ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් සිය අයි.පී.එල්. දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 62ක් තුළ ලකුණු 124ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී අර්ෂාඩ් ඛාන් පන්දුවාර තුනක් යවා ලකුණු 39කට රාජස්ථාන් ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 213ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් පිළට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

ඒ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ලකුණු 03කට ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට සන්දීප් ෂර්මාට හැකියාව ලැබීමත් සමඟයි.

ඔහුගේ දැවියාමෙන් පසු එක් වූ කැමරන් ග්‍රීන්, ඉෂන් කිෂාන් සමඟ එක්ව සාර්ථක සම්බන්ධතවක් ගොඩනැඟුවා.

එහිදී ග්‍රීන් ලකුණු 44ක් සහ ඉෂන් කිෂාන් ලකුණු 28ක් රැස් කළා.

අනතුරුව පිටියේ ක්‍රියාත්මක වූ සූර්යකුමාර් යාදව් වේගවත් ලකුණු 55ක් රැස් කිරීමට සමත් වූ අතර, ඔහුගේ දැවීයාමෙන් පසු තරගයේ ජය රාජස්ථානය දෙසට පෙරළුනා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියට පිවිසි ටිම් ඩේවිඩ් පන්දු 14ක් තුළ ලකුණු 45ක් රැස්කරමින් මුම්බායි අවසන් පන්දුවාරය තුළ තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ, ජේසන් හෝල්ඩර් යැවූ අවසන් පන්දුවාරයේ පළමු පන්දු තුනට පිට පිට හයේ පහර තුනක් එල්ල කරමින්.

ඒ අනුව මෙම ඓතිහාසික තරගයේ ජය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තමන් සතුකර ගත්තා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලැබූ සිව්වන ජයග්‍රහණය වන අතර ඔවුන් මේ වනවිට තරග 08කට ක්‍රීඩා කර තරග 04ක් පරාජය වී 04ක් ජයගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34