මුම්තාස් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

සපුගස්කන්ද මාබිම පාරේ කසල ගොඩකට කාන්තා මළ සරුරක් ගෙනා දැමූ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සපුගස්කන්ද පොලිසිය පැවසුවේ මෙම ඝාතනය සම්බන්ධ අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ලබාදුන් ප්‍රකාශයක් මත මෙම සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගතත් බවයි.

ඝාතනයට ලක් වු කාන්තාව පැළඳ සිටි රන් ආභරණ , මුදල් , ඝාතනයට යොදා ගත් යකඩ මෝල් ගහ හා මළ සිරුර රැගෙන ගිය ත්‍රිරෝද රථය ද සොයාගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.

ඝාතනයට ලක් වු කාන්තාව පැළඳ සිටි රන් මාලයක් , රන් කරාබු ජෝඩුවක් හා රන් මුද්දක් සැකකාරිය විසින් හෙට්ටිවිදීයේ රන් ආභරණ වෙළෙදසැළකට රුපියල් එක් ලක්ෂ හැටනව දහසකට විකුණා ඇත.

එම රන් ආභරණ වෙළෙදසැලේ සේවකයින් විසින් එම රන් ආභරණ උණු කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඊට අමතරව ඝාතනයට ලක්වූ කාන්තාව කාන්තාව පැළඳ සිටි තවත් රන් වළල්ලක් හා මුද්දක් සැකකාරිය මට්ටක්කුලිය , සමිට්පුර පුදේශයේ කාන්තාවකට දී තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?