මුද්දර ගාස්තු ඉහළ දැමීම සඳහා කාරක සභාවේ අනුමැතිය

2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ ක්‍රියාත්මක මුද්දර බදු පනතේ 3 වන වගන්තිය මගින් මුද්දර ගාස්තු ඉහළ දැමීම සඳහා ප්‍රකාශයට පත් කළ නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

2025 අප්‍රේල් 01 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අය වැයේදී යෝජනා වූ ආකාරයට මෙලස මුද්දර ගාස්තු ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැන්වූවා.

ඒ අනුව ඕනෑම දේපලක කල් බද්ද මත මුද්දර බද්ද අය කරනු ලබන අතර 2025 අය වැය මගින් පෙර පැවති අනුපාතය සෑම රුපියල් 1,000ක් සඳහා අය කළ රු.10ක මුදල, රුපියල් 20 දක්වා මෙමගින් ඉහළ දමන බව නිලධාරීහු වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවා.

මෙම සංශෝධනය මගින් දළ දේශීය නිෂ්පදනයෙන් 0.01%ක අතිරේක අදායමක් බලාපොරොත්තු වන බව ද එම නිලධාරීහු කාරක සභාවට දැන්වූවා.

1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ ඉදිරිපත්කළ රෙගුලාසි දෙකක් සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි වුණා.

ඒ අනුව මේ යටතේ 2020 සිට ආනයන සීමා කිරීම්වලට යටත්වූ භාණ්ඩ කිහිපයක සීමා ඉවත්කිරීම සඳහා කාරක සභාවේ අනුමතියට ඉදිරිපත් කර තිබුණා.

මේ අනුව භාවිත කරන ලද රෙදි පිළි (උණුසුම් රෙදි – warm cloth) අදියර වශයෙන් ආනයනය කිරීමටත්, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සහ අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන වාහන අමතර කොටස් ආනයනය කිරීමට හා 2010 අංක 14 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ බලපත්‍ර ලබා ගත් කැසිනෝ ශාලාවලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ හා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබාගැනීම සඳහා යෝජනා කර තිබුණා.

මෙහිදී කැසිනෝ උපකරණ මෙරටට ආනයනය කිරීමේදී එම උපකරණ මොනවාද යන්න සහ ඒ ආශ්‍රිත සියලු දත්ත හා තොරතුරු ශ්‍රී ලංකා රේගුව සතුව පවත්වා ගන්නා ලෙස කාරක සභාව උපදෙස් ලබාදුන්නා.

මෙදින කාරක සභාවේදී සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳව පසුබිම පිළිබඳවද මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළා.

මෙහිදී කාරක සභා සභාපතිවරයා අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරගැනීම මගින් රජයට අහිමිව යන විශාල බදු මුදල් ප්‍රමාණයක් අයකර ගැනීමට ලැබෙන බව පැවසුවා.

මේ රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක සහ (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34