මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ 2023 Spring Meetings සමුළුවට

2023 Spring Meetings සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වොෂින්ටන් හිදී හෙට (10) පැවැත්වෙන Spring Meetings සඳහා එක්විමේ අරමුණින් රාජ්‍ය අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණය හා අදාළ වගකීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතාට පවරා තිබෙනවා.

ඒ අනුවයි රාජ්‍ය අමාත්‍යවරයා මීට එක්වන්නේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය සේමසිංහ පැවසුවේ ණය තිරසාර බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා රට ලබා ඇති ප්‍රගතිය තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙය ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53