1996 අංක 947/13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවෙල අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණද එම අභයභූමියේ මායිම් ලකුණු කිරිමක් මේ දක්වා සිදු නොවීම පිලිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා කමිටුවේ දැඩි අවදානයට යොමු වී තිබෙනවා.
එම ගැසට් පත්‍රයෙන්ම මුතුරාජවෙල පරිසර පද්ධතිය මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෙක්ටයාර 2569ක් ලෙස හඳුනාගෙන තිබුණද මේ වන විට ඉන් හෙක්ටයාර 1285ක් පමණක් අභයභූමිය ලෙස සැලකීමට හේතු කවරේද යන්න පිලිබඳවත් මෙහිදී විමසීමට ලක් වුනා.
තවද හෙක්ටයාර 6000ට අධික මුතුරාජවෙල පරිසර පද්ධතියට අයත් සමස්ත ඉඩම් ප්‍රමාණය සහ එතුල පවත්නා රජයේ සහ පුද්ගලික ඉඩම් ප්‍රමාණයන් තවමත් නිසි හඳුනා ගැනීමක් කිරීමට අදාල ආයතන අසමත් වීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
ඊට අමතරව මුතුරාජවෙල සිදුකරන සමීක්ෂණ හා පර්යේෂණ ප්‍රතිඵල,අදාල සියලුම අංශ අතර යාවත්කාලීන කිරීම හා ශ්‍රී ලංකාවට ආවේනික ශාක වාණිජකරණය නැවැත්වීමට මෙන්ම ජාන මංකොල්ලයන් නැවැත්වීමට විශේෂ සම්බන්ධිකරණ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කර තිබෙනවා. මෙහිදී රම්සා තෙත් බිම් කලාපයක් වන මුතුරාජවෙල ආරක්ෂා කර ගැනීමට වගකිවයුතු සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමටත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කලා.