මුණුපුරා සහ මිණිබිරිය ඔත්තු බැලූ 87 හැවිරිදි කතගේ සූදුපොළ වටලයි

සිය මුණුපුරා සහ මිණිබිරිය ඔත්තු බැලීමට යොදවා කාන්තාවක් මෙහෙය වූ සූදුපොළක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

එහිදී පිරිමි පුද්ගලයන් සිව්දෙනකු ඇතුළු හත්දෙනෙක් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගොස් ඇති මෙම සූදුපොළ 87 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් විසින් මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ නිවසක් තුළ පිරිසක් යම් සැක කටයුතු කාර්යයක නිරත වන බවට ලද තොරතුක් මත අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී මෙම පිරිස සූදු ක්‍රීඩාවේ නිරතව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී ඔට්ටු තැබීමට රැගෙන ආ රුපියල් 24,000ක මුදලක් ද සොයා ගැනීමට හැකිව ඇති බව සඳහන්.

මෙම සූදුපොළ පවතවාගෙන ගිය වයෝවෘද්ධ කාන්තාව මීට පෙර ද අවස්ථා දෙකක දී මෙවැනි වැරදිවලට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි අවවාද කර, ඇඟ බඳින ලද සැකකාරියක් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ලට ගිය හර්ෂට, ඇමති වසන්ත සැරටම කියයි
04:04
Video thumbnail
ජනපතිගේ හෙළිකොප්ටර් දෙක විකුණලා යන්නකෝ පාරේ වාහනේ..ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරයි
02:27
Video thumbnail
ඩී.වී.චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි..අවු:76ටම හරියන්න මේ ආණ්ඩුව හොරකම් කරනවා
06:56
Video thumbnail
වැඩි කරපු තෙල් මිල වහාම අඩුකරන්න
05:52
Video thumbnail
සිංහල අවුරුද්දට නැකතක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් මේක
09:53
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39