AFC Banner
AFC Banner
Empty Ad

මුජිබුර් රහුමාන් දිවුරුම් දෙයි (වීඩියෝ)

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මුජිබුර් රහුමාන් අද (10) දිවුරුම් දුන්නා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දීයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පත් කිරීමට එම පක්ෂය කටයුතු කළා.

ඒ, අනුවයි ඔහු යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද (10) දිනයේ මෙලෙස දිවුරුම් දුන්නේ.

මුජිබර් රහුමාන් පසුගිය මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, පසුව පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම සඳහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?