මුජිබර් රහුමාන්ට යැවූ පණිවුඩයක් ජනපති පාර්ලිමේන්තුවට හෙළි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසට තමා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට පණිවුඩයක් ද යොමු කර තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනාවේ තමා වන අතර ඔහු බිල්ලට දීමට යන බව තමා දැන සිටි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසට තමන් උපදෙස් දුන් බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔහු පාර්ලිමේන්තුවේ තබා ගන්නට තමා උත්සාහ කළ අතර ඒ සම්බන්ධයෙන් තවත් අදහස් නොදක්වන බව ද කියා සිටියා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට තරග කිරීම සඳහා මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගියදා ඉල්ලා අස් වුණා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයට දින නියම කර නොමැති බවයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මාර්තු 9 වැනිදා මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස මැතිවරණ කොමිෂන් සභාව අදහස් දැක්වුව ද ඒ දිනය විධිමත් ලෙස තීරණය කර නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නොමැති අතර මුදල් තිබුණ ද ජන්දයක් නොමැති බවයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34