මුජිබර්ගේ මන්ත්‍රී පුටුවට ෆවුසි

සමඟි ජනබල වේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් තමන් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා ඒ.එච්.එම්.ෆවුසි පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහා නගර සභාව වෙනුවන් තරග වැදීමේ අරමුණින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා දැනුම් දුන්නා.

ඒ, අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී අසුන සඳහා පත් කෙරෙන ඒ.එච්.එම්.ෆවුසි මීට පෙර පාර්ලිමේන්තුව තුළ හිටපු අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !