මුජිබර්ගේ පත්වීම අනෙකුත් පළාත් පාලන අපේක්ෂකයන්ට අසාධාරණයක්

කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම හේතුවෙන් ඇති වී ඇති නෛතික ගැටලුව විසඳීම සදහා ගරු නීතිපතිවරයා හමු වී නීති උපදෙස් ලබාගත යුතු බවට, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පෙන්වා දීමත් සමඟ, ඒ සඳහා වහා ක්‍රියාකරන ලෙස, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ
කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගිය දා (13) උපදෙස් ලබාදෙනු ලැබුවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පළාත් සභා,පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන අයගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම දැනුම්දීම සිදුකළා.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දරමින් පළාත්පාලන මැතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකි වුවද, අපේක්ෂත්වය ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ කටයුතු කිරීමට නෛතික බාධාවක් නැති බැවින් තවදුරටත් මුජිබර් රහුමාන්ගේ නම නගරාධිපති අපේක්ෂකයෙකු වශයෙන් පවතින බවයි.

පවතින මැතිවරණ නීතිය අනුව අනෙකුත් අපේක්ෂකයන්ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවකට පවා සහභාගී වීමට නොහැකි තත්ත්වයක් තුළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මෙම අවස්ථාව හිමිවීමෙන් මේ හරහා 75,000කට ආසන්න අනෙකුත් සියලු පළාත් පාලන අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බවට ඔවුන් කරුණු ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ, අනුව මෙය නරක පූර්වාදර්ශයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04