මුඛ සෞඛ්‍ය පරික්ෂාවට නවීන පසුකම් සහිත ජංගම සේවාවක් ඇරඹෙයි

දන්තජ ඔන් විල්ස් නමින් නව ජංගම වෛද්‍ය සායනයක් එළිදැක්වීම සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.


මෙම උත්සවය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තරය සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය දන්තජ ප්‍රීමියම් ඩෙන්ටල් චේම්බර්ස් ආයතනය විසින් මෙම නව ජංගම වෛද්‍ය සායනය ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට ප්‍රථම වරට අති සුඛෝපභෝගී ජංගම බස් රථයක් තුළ සුව පහසු, ප්‍රතිකාර අසුන් දෙකක් සහිතව, ලොව නවීනතම තාක්ෂණය සහ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක අධීක්ෂණය අනුව මුඛ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාවනවා .

අමාත්‍යංශ, සංස්ථා, අධිකාරි ඇතුළු රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන, පුද්ගලික විශ්ව විද්‍යාල,ජාත්‍යන්තර පාසල්,කර්මාන්ත ශාලා,ප්‍රදර්ශන භුමි ඉලක්ක කර ගනිමින් මෙම ජංගම සත්කාරක සේවය ඔබ ගැවසෙන ප්‍රදේශ වලට පැමිණීමට නියමිතයි.

මෙම නව ව්‍යාපෘතිය පිළිබඳ විශේෂඥ දන්ත වෛද්‍ය ලක්මාල් කුලසේකර පල කළ අදහස් පහතින්.

” අපි කරමින් සිටින්නේ හුදු දන්ත සායනයක් නෙවෙයි. හදිසි අනතුරු ආදියෙන් හෝ උපතින් පවා සිදුවිය හැකි යම් යම් විකෘතිතාවන් ඇතුළු ඕනෑම මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රතිකාර හා සත්කාරක සේවා අපි කරනවා. එහිදී ලෝකයේ දැනට භාවිතා කෙරෙන ඉහළම තාක්ෂණය, නවීන වෛද්‍ය උපකරණ, සත්කාරක සේවා සමඟ විශේෂඥ පුහුණුව ලද කාර්ය මණ්ඩලය ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සේවාවක් සපයන්න බැඳී ඉන්නවා. සමහරවිට ලෝකයේ දියුණුම් රට වලටත් වඩා වැඩි කාර්යක්ෂමතාවකින්.

‘ දන්තජ ඔන් විල්ස් ‘ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට රෝගී සත්කාරය වෙනුවෙන් සුව පහසු ආසන දෙකක් සහිතව නිර්මාණය කරලා, නගරයෙන් නගරයට සංක්‍රමණය වන පළවෙනි දන්ත සෞඛ්‍ය සේවා බස් රථයයි. අපි අදාළ තැන්වලට ගිහින් උදේ ඉඳන් හවස් වෙනකල් සම්පුර්ණයෙන්ම ඒ අයගෙ දස් පරික්ෂා කරලා, සියලුම ලෙඩ රෝග ගැන සම්පුර්ණ වෛද්‍ය වාර්තාවක් එදාම ලබා දෙනවා. එකකොට ඒ අයට තමන්ගේ දත් සම්බන්ධව තියන ගැටලු මොනවද කියලා කල් තියාම හඳුනා ගන්න ලැබෙනවා. ඒ ප්‍රශ්නය ඔඩුදුවන්න කලින් අපි හරහා හෝ වෙනත් දන්ත සායනයක් හරහා හෝ ඊට ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට කැකිවෙනවා. අදාළ සමාගමෙන් නම් ඒක කරන්නේ. ඒක ඒ ආය්‍යානයට ලාභයි. රෝගය ඔඩු දුවන්න කලින් විසදා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. වියදම අඩුයි. මොකද අපි ළඟටම ගිහින් කමා ඒක කරන්නේ. එයාලට ගමන් වියදම් හෝ කාලය මිඩංගු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මෙව්වර කාලෙකට ලංකාවේ දන්ත සෞඛ්‍ය සේවයට බ්‍රෑන්ඩ් එකක් තිබුණේ නෑ. ගිටියා නම් සිටියේ ජනප්‍රිය වෛද්‍යවරුන් පමණයි. ඒත් ” දන්තජ ” කියන්නෙ බ්‍රැන්ඩ් එකක්. මේක ප්‍රිමියම් ඩෙන්ට්‍රිස්ට් බ්‍රැන්ඩ් එකක්.”

54A0633 scaled
54A0621 1 scaled
54A0586 scaled
54A0826 scaled
54A0614 scaled
54A0911 scaled
54A0890 scaled
54A0720 scaled
54A0841 scaled
54A0860 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34