උඩුදුම්බර පොලිස් වසමේ හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කුඹුක්ගොල්ල ප්‍රදේශයේ දී ඊයේ (19) පස්වරුවේ සිදු වූ වෑන් රථ අනතුරින් තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා.
ඒ, අනුව මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය කාන්තාවන් දෙදෙනකු අවුරුදු 29 වයස්වල සහ මියගිය පිරිමි පුද්ගලයා වයස අවුරුදු 33 ක් වූ ගොනහේන, ඉඹුල්ගොඩ, හා හැදල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, එක් කාන්තාවකගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
මීමුරේ දෙසට ධාවනය වූ වෑන් රථයක් බෑවුමකට පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 05ක දරුවෙක් මේ වනවිට පේරාදෙණිය රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 06 දෙනෙකු සිට තිබෙනවා.





