මීතොටමුල්ල නිවසකට කඩා වැදී කොල්ලකෑ හරක්කටාගේ නඩුවෙ සාක්ෂි විභාගය ඇරඹෙයි (වීඩියෝ)

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණා.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ මෙම නඩු විභාගය කැඳවනු ලැබුවා.

මෙම නඩු විභාගය සඳහා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා නමැති විත්තිකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ සාක්ෂි සටහන කර ගැනීම සිදු වුණා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 01 වැනිදා තෙක් කල් තබන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?