මීතොටමුල්ල ඩිපෝ අධිකාරීට පහර දුන් චණ්ඩීන් තිදෙනා රිමාන්ඩ්

මීතොටමුල්ල ඩිපෝ අධිකාරිවරයාට පහර දුන් බව කියන සැකකරුවන් තිදෙනෙකු මෙම මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළා.

එම ඩිපෝවේ කළමනාකරුවෙකු වන චමින්ද කන්නන්ගර මහතා සිද්ධිය සම්බන්ධයෙන් මීතොටමුල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

බී.ජී චන්ද්‍රසිරි, ඩිලාන් අමරසිංහ, ඒ.එල් දිනේෂගර් යන සැකකරුවන් තිදෙනකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පැමිණිලිකාර ඩිපෝ කළමනාකරු ඇතුළු එහි සේවකයන් පිරිසක් සිය දෛනික රාජකාරී කටයුතු නිමවීමෙන් පසුව ඉකුත් 28 දින පස්වරු 4.00 ට පමණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් නිවෙස් බලා යාමට සූදානම්ව බස් රථයට නැග ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.

අදාළ බස් රථය එම ඩිපෝ භූමියෙන් පිටතට ගැනීමත් සමග බස් රථයේ මඟ අවුරා ඇති සැකකරුවන් තිදෙනා එම රථය තුළට නැග එහි සිටි කළමනාකාරවරයාට අමානුෂික ලෙස පහර දී ඇති බවත් සිද්ධියෙන් තුවාල ලත් කළමනාකාරවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

ආයතනය අභ්‍යන්තරයේ ඇති වූ කිසියම් සිද්ධියකට පළිගැනීමක් වශයෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වූ බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වාම පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10