මීතොටමුල්ල ඩිපෝ අධිකාරීට පහර දුන් චණ්ඩීන් තිදෙනා රිමාන්ඩ්

මීතොටමුල්ල ඩිපෝ අධිකාරිවරයාට පහර දුන් බව කියන සැකකරුවන් තිදෙනෙකු මෙම මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළා.

එම ඩිපෝවේ කළමනාකරුවෙකු වන චමින්ද කන්නන්ගර මහතා සිද්ධිය සම්බන්ධයෙන් මීතොටමුල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

බී.ජී චන්ද්‍රසිරි, ඩිලාන් අමරසිංහ, ඒ.එල් දිනේෂගර් යන සැකකරුවන් තිදෙනකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පැමිණිලිකාර ඩිපෝ කළමනාකරු ඇතුළු එහි සේවකයන් පිරිසක් සිය දෛනික රාජකාරී කටයුතු නිමවීමෙන් පසුව ඉකුත් 28 දින පස්වරු 4.00 ට පමණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් නිවෙස් බලා යාමට සූදානම්ව බස් රථයට නැග ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.

අදාළ බස් රථය එම ඩිපෝ භූමියෙන් පිටතට ගැනීමත් සමග බස් රථයේ මඟ අවුරා ඇති සැකකරුවන් තිදෙනා එම රථය තුළට නැග එහි සිටි කළමනාකාරවරයාට අමානුෂික ලෙස පහර දී ඇති බවත් සිද්ධියෙන් තුවාල ලත් කළමනාකාරවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

ආයතනය අභ්‍යන්තරයේ ඇති වූ කිසියම් සිද්ධියකට පළිගැනීමක් වශයෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වූ බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වාම පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?