මීගහකිවුලේ ගැටුමකින් තුනක් රෝහලට

මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකුට අද (23)  සවස 6.00 ට පමණ මීගහකිවුල දිසා රෝහලට හා  හා බදුල්ල    ශීක්‍ෂණ රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේ පදිංචි අවුරුදු 19, 23 හා 27 වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකි. 

පැරණි කෝන්තරයක් ගැටුමට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 සිිද්ධියෙන් බරපතල ලෙස පහරකෑමට ලක් වූ එක් තරුණයෙකු මීගහකිවුල දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම මොහොතේම බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන් කන්ඳකැටිය පොලිසිය  පරීක්‍ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?