මීගස්වැව පොලිසියෙන් තමාට හොඳහැටි සැලකූ බව පවසමින් අයෙක් රෝහලට

මැදිරිගිරිය, මීගස්වැව, ගොඩපොත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් පහරදුන් බව පවසමින් එම ප්‍රදේශයේම පුද්ගලයෙක් චෝදනා කරනවා.

පහරකෑමට ලක් වූ පුද්ගලයා තවත් පුද්ගලයෙක් සමඟ සිය වගා භූමි වෙත පැල් රැකීමට යමින් සිටිය දී මීගස්වැව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක් අධික බීමතින් පැමිණ මාර්ගයේ ඇද වැටී ඇති බවත්, එලෙස ඇද වැටීම සම්බන්ධයෙන් බලා සිටියැයි පවසමින් ඒ සම්බන්ධයෙන් උරණ වූ පොලිස් නිලධාරියා ඔවුන් දෙදෙනාට බැන වැදී ගැටුමක ඇති කර ගැනීමට උත්සහ දරා ඇති බව පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් පවසනවා.

එම අවස්ථාවේදී අදාළ පුද්ගලයන් දෙදෙනා විසින් පොලිස් නිළධාරියා සමථයකට පත් කරගෙන එම ස්ථානයෙන් ඔවුන්ගේ වගා භූමි වෙත පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී පොලිස් නිලධාරියා, තවත් පිරිසක් සමඟ ඔවුන් හමුවට පැමිණෙන බවට පවසා ඇති බවත් පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ ඥාතියෙක් පවසා සිටියා.

මේ අතර එම පුද්ගලයන් දෙදෙනා පැල් රැකීමේ නිරත වෙමින් සිටියදී රාත්‍රීය අටට පමණ මීගස්වැව පොලිසියේ තවත් නිලධාරීන් කිහිපදෙනෙක්, එම ස්ථානයට පොලිස් ජීප් රථය සහ ත්‍රී රෝද රථයකින් පැමිණ එම පුද්ගලයන් දෙදෙනාට පහර දීමට උත්සහ කර ඇති බවත්, එහිදී ඉන් එක් පුද්ගලයෙන් පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බවත් අනෙක් පුද්ගලයාට පොලිස් නිලධාරීන් දැඩි අමානුෂික අන්දමින් පහර දී ඇති බවත් එලෙස පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ ඥාතියෙක් අප සමඟ සඳහන් කළා.

පසුව ගම්වාසීන් විසින් 1990 ගිලන් රථ සේවයට දන්වා අදාළ පුද්ගලයාව මැදිරිගිරිය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

අදාළ සිද්දිය සම්බන්ධයෙන් මීගස්වැව පොලිසියට ගොස් පැමිණිලලක් සිදු කළද නිසියාකාරව පැමිණිල්ල විභාග නොකළ බවයි පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ ඥාතියෙක් අප සමඟ පවසා සිටියේ.

කෙසේ වෙතත් මේ වන විට පහරකෑමට ලක් වූ බව පවසන පුද්ගලයා මෙන්ම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාද මැදිරිගිරිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබනවා.

අදාළ පොලිස් නිලධාරියා චෝදනා කරන්නේ පැල් රැකීමට යමින් සිටි පුද්ගලයන් දෙදෙනා විසින් තමාට පහර දුන් බවයි.

මේ සම්බන්ධයෙන් අප මීගස්වැව පොලිසිය සිදු කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ හරක් හොරකමක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයයෙන් ලබා දුන් නියෝගයක් ක්‍රියාත්මක කරමින් සිටියදී පොලිස් නිලධාරියෙක්ට පහර දීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවත්, එලෙස අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පළායාමට තැත් කිරීමේ දී බිම ඇදී වැටීම නිසා ඔහුට තුවාල සිදුව ඇති බවත්, පසුව ඔහුව අත්අඩංගුවට ගත් පසු ඔහු සහ ඔහුගේ ඥාතීන් එම පුද්ගලයාට පොලිසිය විසින් පහරදුන් බවට චෝදනා නගන බවයි.

එලෙස කිසිඳු පහර දීමක් පොලිසිය සිදු නොකළ බවත්, අදාළ සැකකරු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇති බවත් මීගස්වැව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45