මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සැප්තැම්බර් 08 වනදා

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් මීගමුව අධිකරණයේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ලබන සැප්තැම්බර් 08 වනදා මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීගමුව ප්‍රධාන ජේලර් ඇතුළු බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 20කට නොතිසි නිකුත් කරන මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කළා.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධ වූ නඩුකරය අද (28) යළිත් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී කැදවනු ලැබුවා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය නඩුවාරයේ දී සැකකරුවන් 70 නම් කර තිබූ අතර අද දින සැකකරු අංක 1 සිට 6 දක්වා හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් සෞඛ්‍ය හේතුවක් සහ වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් අද දින සැකකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් නොකළ අතර, සැකකරුවන් හතර දෙනෙකු සහ එම සැකකරුවන් හඳුනා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකරුවන් 04 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළා.

අද දින ඉදිරිපත් නොකළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් බන්ධනාගාරය විසින් අධිකරණයටලිපි ඉදිරිපත් කරනු ලැබුවා.

සාක්ෂිකරුවන් සහ සැකකරුවන් පොලිස් හා STF නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ අධිකරණ නියෝග පරිදි ආවරණය කර අධිකරණයට රැගෙන එනු ලැබුවා.

අනතුරුව මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් හදුනාගැනීමේ පෙරට්ටුවට ඉද්‍රරිපත් කරන ලෙස නියෝග කරමින් නඩුකරය පසුව කැදවීමට නියම කළා.

අනතුරුව සැකකරුවන් සිව්දෙනා රෙදිකඩවලින් සම්පූර්ණ ආවරණය කරමින් හදුනාගැනීමේ පෙරට්ටු කාමරය වෙන රැගෙන එනු ලැබුවා.

අනතුරුව මහෙස්ත්‍රාත්වරිය පැමිණ හදුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට කටයුතු කළා.

මෙම කටයුත්ත පූර්ණ ආරක්ෂක රැකවල් මධ්‍යයේ සම්පූර්ණ ආවරණය කරමින් පැවැත්වුණා.

ඒ, අනුව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය පෙරට්ටු කාමරය වෙත පැමිණිමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුව ආරම්භ වුණා.

එහිදී හඳුනා ගැනීමේ පෙරට්ටුවට සාක්ෂිකරුවෝ 04 දෙනෙක් ඉදිරිපත් වූ අතර ඔවුන් විසින් සැකකරුවෝ හඳුනා ගත්තා.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් 2100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත්, තවත් ප්‍රකාශ ලබාගැනීමට ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 05 සහ 06 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

එහිදී අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ උප පොලිස් කොස්තාපල් දුලංග වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළා.

“ස්වාමීනි.. සැකකරුවන් 70ක් නම් කරා මීට පෙර අවස්ථාවේ දී. එම සැකකරුවන්ගෙන් 35 සහ 36 වන සැකකරුවන් මේ වන විට මිය ගොස් ඇති බවත් 43 වැනි සැකකරු 69 වෙනි සැකකරු ලෙස මුද්‍රණ දෝෂයකින් සටහන් වී ඇති බව අධිකරණයට දැනුම් දෙනවා. ඒ අනුව සැකකරුවන් 67ක් දැනට නම් කර සිටිනවා. ඒ වගේම ස්වාමිනි.. අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දුන් නඩු භාණ්ඩවලට අදාළ ලේඛන භාර දෙනවා.”

ඉන් අනතුරුව බන්ධනාගාර සිද්ධියේ දී මිය ගිය ඉන්දීය ජාතිකයාගේ මෘත දේහය හඳුනා ගැනීමට ඥාතීන් නොපැමිනෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සිය දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද නිලධාරීන් සඳහන් කළා.

අනතුරුව නඩුකරය යළින් කැදවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්‍තු නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

ස්වාමීනි.. මෙම ගැටුමෙන් ඉන්දීය ජාතිකයකු මියගියා.ඔහුගේ මෘත ශරීරය හදුනාගැනීමට ඔහුගේ ඥාතීන් සම්බන්ධ කරගැනීමට කටයුතු කළා. එහිදී 08/25 දින ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඊ මේල් පණිවුඩයක් හරහා දැනුවත් කර තිබෙනවා ඔහුගේ මළ සිරුර හදුනාගැනීමට ඥාතීන් නොමැති බව. එම ඊ මේල් පණිවුඩය අධිකරණයට ඉදිරිපත් කරනවා.
ඒ අනුව එම ඉන්දීය ජාතිකයාගේ මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සදහා මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. එමෙන්ම ආණ්ඩුවේ වියදමින් මෙම මළ සිරුර මීගමුව පොදු සුසාන භුමියේ මිහිදන් කිරීමට මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටද නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. තවද භූමදානය සිදු කරන ස්ථානය පිළිබද වාර්තාවක් ලබාදෙන ලෙසද මහ නගර සභාවේ නගරාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඉන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා අධිකරණයේ කරුණු දැක්වුවා.

ස්වාමිනි.. මෙම සිදුවීමෙන් රැදවියන් විශාල ප්‍රමාණයක් වෙඩි තැබීම්වලින් මිය ගියා මෙම වෙඩිතැබීම් වුනේ කොහොමද කවුද කියලා සාකෂි, සැකකරුවෝ නම් කරලා නැහැ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය රෙගුලාසිවල තියෙනවා වෙඩි තැබීම පාලනය කළ නොහැකි අවස්ථාවලදී මරණීය තුවාල සිදු නොවන ආකාරයට වෙඩි තැබීමට හැකි බව නමුත් මෙහිදී එහෙම පේන්නේ නැහැ. මරණය ඇති කරන්නම කළා වගේ අපිට පේන්නේ. අපි දැක්කා බන්ධනාගාර දොර කවුලුවෙන් වෙඩි තියනවා
294 වගන්ති ප්‍රකාරව මේක මිනී මැරීමේ අපරාධයක් ඒ සම්බන්ධව යුක්තිය ඉටු වෙනවද ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාගේ හරි බලපෑමක් තියෙනවද කියලා ඔබතුමීය බලන්න ඕන රැදවියන්ගේ ඥාතීන් බලන් ඉන්නවා ඔවුන්ට යුක්තිය ඉටු වෙනකම් මේ සම්බන්ධව රැදවියන්ට වෙඩි තැබීම් සිදුකළ අයව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

එහිදි මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යමක් ප්‍රකාශ කිරීමට ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් උප පොලිස් කොස්තාපල් දුලංග මෙසේ පැවසීය.

ස්වාමීනි.. රැඳවියන් ගැටුම අවස්ථාවේ දී අවිගාරය කඩා අවි 32ක් ඔවුන්ගේ භාරයට අරන් තියනවා. එම ස්ථානයේ රජයේ රසපරීක්ෂක ඇතුලු විශාල පිරිසක් ස්ථානීය පරීක්ෂණ සිදුකරලා තියනවා. ඒවායේ වාර්තා ලැබුනු පසු තමයි වෙඩි තැබ්ම් සිදුව ඇත්තේ නිලධාරීන්ගේ ගිනි අවිවලින්ද රැඳවියන්ගේ ගිනි අවි වලින්ද කියලා නිගමනය කරන්න පුළුවන් වෙන්නේ.

එහිදී මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නියෝග ලබා දුන් අතර සැකකරුවන් 67 නිල මැදිරියේ දී සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කළා.

එමෙන්ම සැකකරුවන් ලබන සැප්තැම්බර් 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, එදිනට සැකකරු අංක 1 සිට 6 දක්වා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියෝග කළා.

සැකකරුවන් එදිනටත් සුම් තාක්ෂණය මගින් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කලා.

එහිදී මහෙස්ත්‍රාත්වරිය හදුනාගැනීමේ පෙරට්ටුව සදහා දීර්ඝ කාලයක් යන බැවින් හදුනාගැනීමේ පෙරට්ටු කටයුතු කඩිනමින් ඉක්මන් කර අවසන් කිරීමට පිලියමක් යොදා කටයුතු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15