මිරිස්ස වෙරළ තීරයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා – සැකකාර පියපුතු දෙපළ සොයා විමර්ශන

වැලිගම පොලිස් වසමේ මිරිස්ස – සීක්‍රටි බිච් හෝටලය අසළ වෙරළ තීරයේ තියුණු ආයුධයකින් පහර දී ව්‍යාපාරිකයෙකු (16) දින පෙරවරුවේ ඝාතනය කර තිබෙනවා.

මිරිස්ස – සීක්‍රටි බිච් හෝටලය අසළ වෙරළ තීරයේ බිම් කොටසක් සම්බන්ධව ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම ප්‍රදේශයේම පදිංචි තවත් සංචාරක ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුත්‍රයකු විසින් සංචාරක ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

එම පහරදීම් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ මිරිස්ස, පෙම් උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි සෙල්ලා හැන්නදිගේ සුරංග නොහොත් බාල සුරංග නැමැති වයස අවුරුදු 38ක පුද්ගලයෙක්.

ඝාතනයට සම්බන්ධ සැකකාර ව්‍යාපාරිකයා සහ ඔහුගේ පුතා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
13
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?