සැක කටයුතු ආකාරයට තරුණයින් දෙදෙනෙකු විසින් අද (11) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බාලවයස්කාර දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
වයස අවුරුදු 15ක පමණ වන දැරියක් මෙලෙස රෝහල්ගතකර ඇති බවයි දැනගන්නට ලැබුණේ.
මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් රෝහලවෙත දැරිය භාර දී ඇති බවයි වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ.
පසුව අදාළ පුද්ගලයින් දෙදෙනා රෝහලෙන් අතුරුදහන්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.
රෝහලට රැගෙන ආ දැරිය ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති අතර, වෛද්‍යවරුන් විසින් ඇයව පරීක්ෂා කිරීමේදී දැරිය මියගොස් ඇති බවටයි දැනගන්නට ලැබී ඇත්තේ.
අදාළ දැරියගේ මුහුණේ සහ සිරුරේ තැනින්තැන පහරදීමකින් සිදු වූ බවට සැකකරන තැලුම් පහරවල් ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මියගිය දැරියගේ මව්පියන් මේ වනවිට ගම්පහ රෝහල වෙත පැමිණ ඇති බවයි දැනගන්නට ලැබුණේ.
අදාළ දැරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිටව ගිය පුද්ගලයින් දෙදෙනා සහ මෝටර් රථය සම්බන්ධව රෝහලේ ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර ඉදිරි විමර්ශන සිදුකර බවයි වාර්තා වන්නේ.




