මියන්මාර භූකම්පාවෙන් මියගිය ගණන 1,600 ඉක්මවයි – තවත් භූකම්පනයක් ගැන අනතුරු ඇඟවීමක්

මියන්මාර පෙරේදා (28) දිනයේ සිදු වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,600 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ටර් මාපාංක 7.7ක ප්‍රබලත්වයකින් යුත් මෙම භූමිකම්පාවෙන් මියන්මාරයේ මැන්ඩලේ නුවරට වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර, කඩ වැටුණු ගොඩනැඟිලි තුළ සිර වී සිටින පුද්ගලයින් සොයා මිනිසුන් සිය හිස් අත්වලින් කැණීම් සිදුකරන බවයි වාර්තා වන්නේ.

උපකරණ නොමැතිව ගලවා ගැනීමේ කටයුතු මන්දගාමීව සිදුවන අතරම මේ හේතුවෙන් සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින්ගේ ජීවත තව දුරටත් අවදානම් තත්ත්වයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වන මැන්ඩලේ කලාපයේ හානියට පත් ගොඩනැගිලි සංඛ්‍යාව 1,500 කට වඩා වැඩි බවයි මියන්මාර ජුන්ටාව පවසන්නේ.

විදුලිය ඇනහිටීම් තත්වය තවත් උග්‍ර වී ඇති අතර, නිලධාරීන්ට අනුව විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගත විය හැකියි.

භූමිකම්පාවෙන් ධාවන පථවලට හානි සිදු වූ බැවින් මැන්ඩලේ ගුවන් තොටුපළ වසා දමා ඇති අතර, එහි මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටි බවත්, එතෙක් එහි තාවකාලික රෝහලක්, වෛද්‍ය සහන කඳවුරක් සහ නවාතැන් පහසුකම් පිහිටුවා ඇති බවයි මියන්මාර හමුදා බලධාරීන් පැවසුවේ.

මේ අතර චීනය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව සහ රුසියාව ද භූමිකම්පාවෙන් විපතට පත් මියන්මාර වැසියන්ට උපකට කරන බවට නිවේදනය කර තිබෙනවා.

මේ අතර මෙම භුකම්පනයේ දැඩි බලපෑමක් තායිලන්තයේ බැංකොක් නගරයට ද එල්ල වී තිබුණා.

භුකම්පනයත් සමඟ බැංකොක් නගරයේ ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් මේ වනවිට 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගොඩනැඟිල්ලේ සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් මුදාගැනීමට මෙහයුම් ක්‍රියාත්මක බවයි තායි මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර තවත් භූමිකම්පාවක් ඇතිවීමේ හැකියාවක් ඇති බවට මැන්ඩලේ හි මහජනතාවට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට දේශීය වේලාවෙන් 08:00 දක්වා සිදුවිය හැකි භූමිකම්පාවක් පිළිබඳව දැනුවත් වන ලෙසයි මහජනතාවට උපදෙස් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25