මියන්මාරයේ ඇති වූ භූ කම්පන තත්ත්වයෙන් මියන්මාරයේ සහ තායිලන්තයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මේ අතර හදිසි අවස්ථාවක දී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 812498011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද (28) දහවල් ඇති වූ රිච්ටර් මාපකයේ 7.7ක ප්‍රබල තත්වයකින් යුත් භූමිකම්පාව තායිලන්තයට ද ප්‍රබල ලෙස දැනී තිබුණා.
මේ හේතුවෙන් දෙරටට ම විශාල බලපෑමක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1