මියගිය සඳමාලිගේ CCTV දර්ශන ගැන ජපානයෙන් ප්‍රතිචාර

ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය විශ්මා සඳමාලි තරුණියගේ මරණයට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ සංස්කරණය කිරීමෙන් පසු හා අවසරයකින් තොරව බව ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ පවසනවා.

එරට කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවටයි ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.

වීසා නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ජපානයේ නගෝයාහි සංක්‍රමණිකයින් රඳවා තබාගැනීමේ මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොලබා අවාසනාවන්ත ලෙස විශ්මා සඳමාලි ජීවිතයෙන් සමුගෙන ඇත්තේ 2021 වසරේදී යි.

ඇයගේ මරණයට නිශ්චිත හේතුවක් අවසන් මරණ පරීක්ෂණ වාර්තාවේ නොමැතිවීම ගැටලු සහගත වීම නිසා විශ්මා රැඳීසිටි කාමරයේ CCTV දර්ශන ලබා දෙන ලෙස පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි ජපාන රජය 2021 පෙබරවාරි 22 වනදා සිට මාර්තු 06 වනදා දක්වා විශ්මා රැඳීසිටි කුටියේ CCTV දර්ශන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

ඒ සම්බන්ධයෙන් පුළුල් සමාජ අවධානයක් හිමිවන්නේ ඇයගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටින නීතඥවරුන් එම දර්ශන පසුගිය බ්‍රහස්පතින්දා පළමුවරට ජපානයේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34