AFC Banner
Empty Ad
Empty Ad

මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ වැඩිමහල් සොහොයුරාත් මීට ඉහතදී මියගිහින්

කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ වැඩිමහල් සොහොයුරා මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.ඔහු විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරන සිසුවෙකු ලෙස සිටිය කාලය තුළදී සිදු වූ දුම්රිය අනතුරකින් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

රාගම සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක ගමන් කරමින් සිටියදී අදාළ තරුණයාගේ බෑගය දුම්රියෙන් පිටත ස්ථානයක පැටලීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සඳහන්.  මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනට වැඩිමහල් සොහොයුරෙකු සහ නැගණියක වනවා.  

මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු ඊයේ පස්වරුවේ දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුනා.ඒ, නිරෝධායන නීතිවලට අනුකූලවයි.

මෙම වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ සේවයේ නිරතව සිටියදී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පළමු වෛද්‍යවරයා මොහු බවයි.මේ වනවිට වෛද්‍යවරුන් 89 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 63 දෙනෙකු දැනටමත් සුවය ලබා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. කෙසේ වෙතත් මේ වනවිට වෛද්‍යවරු 150 දෙනෙකු නිරෝධායනයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?