මිනුවන්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එකම පවුලේ තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

මේ අතර අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ඊයේ (10) දහවල් පදවිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

සැකකරු ඔහුගේ මිතුරෙකුගේ පදවිය, 18 කණුව ප්‍රදේශයේ පිහිටි නිවසක රැඳී සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ගුවන් හමුදාවේ මීට පෙර සේවය කර ඇති මෙම සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

ඩුබායිවල සිටින සිය මිතුරකුගේ උපදෙස් අනුව සැකකරු විසින් මෙම ඝාතනයන් සිදුකළ බවට අණාවරණය තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?