මිනුවන්ගොඩ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු කටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 17 වනදා ටී 56 ගිනි අවියකින් අදාළ වෙඩි තැබීම සිදු වූ අතර එම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනා මතයි ඊයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා මීගමුව දාගොන්න ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

ඔහු විසින් කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයකින් වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සමග ගමන් කර තිබෙනවා.

දැනට විදෙස් ගතව සිටින පුද්ගලයෙකු මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන අතර ඔහු දුරකථනයෙන් සම්බන්ධ වී මෙම අපරාධය මෙහෙයවීමට සහාය දක්වා ඇති බවටයි දැනට සිදු කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56