මිනුවන්ගොඩ වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 17 වනදා මෙම වෙඩි තැබීම සිදු වූ අතර ඊට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙනුයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තවත් යතුරුපැදියක ගමන් කළ දෙදෙනෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් එක් අයෙකු මරණයට පත්වූ අතර තවත් අයෙකු තුවාල ලැබුවා.

සිද්ධියට අදාළව ඊයේ රාත්‍රී පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 11ක් ද සමගින්.

ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙකු බවට ද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා කොටුගොඩ සහ නිකවැරටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 34 සහ 37 යන වයස්වල පසුවන දෙදෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51