මිනුවන්ගොඩ ගමක් කම්පා කළ දිල්හාරා..!

ප්‍රේම ආරවුලක් මත සිරුරට ගිනි ගැනීමෙන් මිය ගිය 22 හැවිරිදි තරුණියගේ මරණය සිය දිවි නසාගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණ අරඹා තිබෙනවා.මිනුවන්ගොඩ පොලිස් වසමේ විතානමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එල්. ටී. කල්පනි දිල්හාරා දුලානි නමැති තරුණිය නිවස ආසන්නයේ පිහිටි ගරාජ් කාමරයක් තුළදී සිරුරට ගිනි ඇවිළෙමින් තිබියදී ඉකුත් 17 වැනිදා දහවල් හමුවීමෙන් අනතුරුව ගම්පහ මහරෝහලේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා..

මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නිරෝෂිකා ලියනාරච්චි මෙනවිය මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පවත්වමින් ස්ථාන පරීක්‍ෂාව මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි මහතාගේ මඟ පෙන්වීම මත සිදුකර ඇති බව සඳහන්.

මියගිය දිල්හාරා දියණිය නාවල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවත්, පසුගිය 17 වැනිදා දිල්හාරාගේ සොහොයුරාගේ උපන්දින සැමරුමට දිල්හාරාගේ පෙම්වතා පැමිණි බවත් මරණකාරියගේ මවවන අචලා පද්මිණි පෙරේරා මිනුවන්ගොඩ පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

උපන් දින සාදයෙන් පසු දිල්හාරාට නාඳුනන අයෙකුගෙන් ඇයගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ලැබී ඇති බවත් ඉන් අනතුරුව මියගිය දිල්හාරා සහ ඇයගේ පෙම්වතා අතර ආරවුලක් ඇතිවී ඇති බවත් පසුව දෙදෙනා සමතයකට පත්වී කතාකර ගැනීමට අවශ්‍ය බව පවසා මියගිය තරුණිය පෙම්වතා සමඟ නිවස අසල පිහිටි ගරාජ් ගොඩනැඟිල්ලට ගොස් ඇති බවත් පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

ගරාජයෙන් පෙම්වතා එළියට විත් සුළු වේලවකින් පරාජයේ සිටි මරණකාරිය කෑ ගසන ශබ්දය ඇසී මව ඇතුළු පිිිරිස එක්වී ගින්න නිවා තරුණිය රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56