මිනුවන්ගොඩ එකම පවුලේ තුනක් නැසූ ප්‍රධාන සැකකරු සහ වෙඩික්කරු රිමාන්ඩ්

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ දී නිවසක් තුළ එකම පවුලේ තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ වෙඩික්කරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අපරාධයට සම්බන්ධ වෙඩික්කරු පෙරේදා (10) දහවල් පදවිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර, එම අවස්ථාවේ ඔහු රැඳී සිට ඇත්තේ ඔහුගේ මිතුරෙකුගේ පදවිය, 18 කණුව ප්‍රදේශයේ පිහිටි නිවසකයි.

ඩුබායිවල සිටින සිය මිතුරකුගේ උපදෙස් අනුව සැකකරු විසින් මෙම ඝාතනයන් සිදුකළ බවට අණාවරණය තිබෙනවා

ගුවන් හමුදාවේ මීට පෙර සේවය කර ඇති මෙම සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?