AFC Banner
Empty Ad
Empty Ad

මිනිස් දරුවෙකු තරම් බරැති බළලෙක් රුසියාවේ රෝහලක

මිනිස් දරුවෙකු තරම් බරැති දැවැන්ත බළලෙක් රුසියාවේ රෝහලකින් සොයාගෙන තිබෙනවා.

ක්‍රෝෂික් නමින් හඳුන්වන මෙම බළලා රුසියානු සත්ව ලෝලීන් විසින් සොයාගන්නා අවස්ථාවේ කිලෝ ග්‍රෑම් 17ක බරකින් යුක්ත වූ බවයි වාර්තා වුණේ.

රුසියාවේ පර්ම් හි රෝහලක පහළම මාලයේ ජීවත් වූ මෙම දැවැන්ත බළලාට රෝහල් සේවක සේවිකාවන් විසින් ආහාර ලබා දී තිබෙනවා.

මෙම සත්වයාගේ ශරීර බර හේතුවෙන් සොයාගන්නා අවස්ථාව ඇවිදීමට පවා නොහැකි තත්ත්වයකට පත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිටත් සත්ව ලෝලීන් විසින් මෙම බළලාට ප්‍රතිකාර කිරීම සහ ව්‍යායාම ලබාදීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
4
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?