“මිනියවත් බලන්න නොදී මගේ එකම පුතාගේ ජීවිතය හොරු අරන් ගියා..”

පුතාට කොරෝනා වෛරසය වැළඳී බහරේන් රටේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. පුතා වෙනුවෙන් අපි බෝධිපූජා කළා. බෝධිපූජාව සිදුකරමින් සිටින විට පුතා මියගොස් ඇති බව දැනගත්තා යැයි කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය නෞකාවක නාවිකයකු (සීමන්) වන යූ.එල්.චාමර ප්‍රසාද් (33) තරුණයාගේ මව වන යූ.ජී.කරුණාවතී මහත්මිය හඩා වැළපෙමින් කීවාය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය තරුණයා ගාල්ල ඕපාත උළුවිටිකේ පදිංචිකරුවෙකි. මොහු නෞකාවක නාවිකයකු ලෙස සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී බහරේන් රටේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මියගිය චාමර ඕපාත ප්‍රදේශයේ තරුණයින් අතර ජනප්‍රිය තරුණයෙකි. සුන්දර යොවුන් වියේ පසුවු මෙම තරුණයාගේ හදිසි වියෝවෙන් ඕපාත ගම්මානයම ශෝකයෙන් ඇළලීගොස් ඇත. සමරු යන ආදර නාමයෙන් හදුන්වන මෙම තරුණයාගේ වියෝව දරාගත නොහැකිව සිටින මව අප සමග මෙසේද කීවාය.

පුතා පසුගිය වර්ෂයේ අගොස්තු මස 17 වැනි දින තමයි නෞකාවේ සේවයට ගියේ. පුතා නැවේ රක්ෂාවට ගියවිට මාස 09ක් විතර ඉදලා තමයි ආපසු ගොඩබිමට එන්නේ. මේ වතාවේ අපි පුතාට කීවා කොරෝනා නිසා යන්න එපා කියලා. අම්මේ බය වෙන්න එපා කියලා තමයි පුතා රැකියාවට ගියේ. අන්තිමට පුතා කථා කළේ අප්‍රේල් මස 17 වැනිදා. එදා පුතා මට කීවා අම්මේ මට සෙම වගේ තියෙනවා කියලා. අපි බයවෙන නිසා පුතා අපිට කීවේ නැහැ කොරෝනා හැදිලා කියා. අප්‍රේල් මස අන්තිමේ තමයි පුතා ගොඩබිමට එන්න හිටියේ. ඉන්දියාව හා බහරේන් අතර යන නෞකාවක තමයි පුතා වැඩ කළේ. නෞකාවේ දී පුතාට කොරෝනා හැදිලා බහරේන් රටේ පුද්ගලික රෝහලට ඇතුළත් කළ බව දැනගත්තා. ඊට පස්සේ පුතා කථා කළේ නැහැ. නෞකාවේ කපිතාන්වරයා කථා කළා. පුතා වෙනුවෙන් ඔහුට නිරෝගි සුවය පුතා බෝධිපුජා කළා. යන්න පුළුවන් හැම දේවාලයකටම ගියා. හැමෝම කීවේ පුතාට කරදරයක් වෙන එකක් නැහැ කියලා. පසුගිය 14 වැනිදා උදේ පුතා වෙනුවෙන් ඕපාත දිපාරාම විහාරස්ථානයේ බෝධි පුජාවක් කරමින් හිටියා. එදා උදේ නෞකාවේ කපිතාන්වරයා තමයි කථා කරලා කීවේ පුතා මියගියා කියලා. මට අදහාගන්න බැරිවුණා. අපේ පුතා හොරු අරන් ගියා වගේ. අවසානයේ පුතා කොරෝනා මාරයා බිලිගත්තා. මට හිටපු එකම පුතා නැතිවුණා.පුතාගේ මිනියවත් දකින්න බැරිවුණා. පුතා පිළිබද තොරතුරු අපි යැව්වාට පස්සේ පුතාගේ අවසන් කටයුතු සිදුකරන බව දැනුම් දුන්නා යැයි ඇය කීවාය.

චාමර ප්‍රසාද්ගේ පියා වන යූ.එල්. සමරවීර මහතාද තම එකම පුතුගේ හදිසි වියෝවයෙන් දැඩි ශෝකයට පත්ව ඇත්තේය. ඔහුට තම පුතුගේ හදිසි වියෝව දරාගත නොහැකිය. කොරෝනා වසංගතයේ ගොදුරක් බවට පත්වු චාමර ප්‍රසාද් තරුණයා යළි නොඑන ගමන් ගොස් ඇත.

ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ.කළුආරච්චි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34