මිනිපිරියන් දෙන්නාට දවස් එක හමාරකින් කන්න නෑ, අත්තම්මා පොලිසියේ පිහිට පතයි

දින එක හමාරක් නිරාහාරව සිටි අවුරුදු 07 ක් හා II වයසැති තම මිණිපිරියන් දෙදෙනා තව දුරටත් නඩත්තු කළ නොහැකි බැවින් ඔවුන් ළමා නිවාසයකට බාර දෙන්නැයි ඉල්ලා 70 හැවිරිදි කාන්තාවක් ඊයේ ( 22 වැනි දහවල් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණියාය .

අවසන් වරට ඉකුත් 20 වැනිදා රාත්‍රී ඔවුන් බත් සහ පරිප්පු ස්වල්පයක් පිස ආහාරයට ගෙන තිබූ අතර ඉන් අනතුරුව පිසීමට දෙයක් නොමැති වූ නිසා නිරාහාරව සිටි බව කියති . මිනිපිරියන් දෙදෙනා බඩගිනි වැඩිකමට අඬන්නට වූ නිසා පෙරේදා ( 21 වැනිදා ) දහවල් අසල කඩයකට ගොස් ණයට රුපියල් අසූවක බටර් විස්කෝතු රැගෙන ආ බවද දවස ගත කළේ ඒවා කෑමෙන් බවද කාන්තාව පොලීසියට ප්‍රකාශකර තිබේ . උදෑසන ද බඩගින්නේ සිටි බව පැවැසූ නිසා මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුනී කේශලා බෝගහවත්ත මහත්මිය තමන්ගේ කෑමට පිළියෙළකර ගෙනවිත් තිබූ බත් පාර්සලය එම දැරියන්ට හා මිත්තනියන්ට ඊයේ ( 22 ) වැනිදා උදෑසන පිරිනැමූ බවත් එය ඉතා සංවේදී අවස්ථාවක් වූ බවත් එම සිද්ධිය දුටුවෙක් පැවසීය . මෙම දැරියන්ට මව හා පියාගේ සෙනෙහස නියමාකාරයෙන් නොලැබුණ බවත් එම මව හා පියා වරින් වර කීයක් හෝ එවන මුදලින් යන්තම් දිවි ගැට ගසා ගත් බවත් මිත්තනිය පොලීසියට පවසා ඇත . තමාට අත්ව ඇති ඉරණම ගැන අනුකම්පා කළ වැලිගම මිදිගම ප්‍රදේශයේ වෙළෙඳසලක හිමිකරුවකු රුපියල් 500 ක් අතට දී තම දුක් ගැනවිල්ල මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුණ බෝගහවත්ත මහත්මිය හමු වී දැනුම් දෙන්නැයි කී නිසා පොලීසියට පැමිණි බවද ඇය කියා තිබේ . මිදිගම තුර්කි ගම්මානයේ අංක 74 නිවසේ පදිංචි ආරියලතා ලියනගුණවර්ධන ( 70 ) මහත්මිය මෙසේ කීවාය .

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ ගෙදර උයන්න ගිහින් ගන්න මුදලින් ඔවුන් රැක බලා ගත්තා . කොරෝනා ආවට පස්සේ මට ඒ ගෙදර වැඩට එන්න එපා කීවා . දරුවන්ගේ තාත්තා ඉඳලා හිටලා කීයක් හරි දෙනවා . අම්මත් එහෙමයි . ඇය දැන් වෙනත් විවාහයක් කරගෙන තවත් දරුවන් දෙදෙනකු හදාගෙන ජීවත් වෙනවා . බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ . මේ දවස්වල උයන්න දෙයක් ගෙදර ඇතෙම නෑ . හාල් ස්වල්පයක් තියෙනවා . වෙන කිසි දෙයක් නෑ . බඩු ගත්ත කඩේටත් රුපියල් දෙසීයක ණයක් තියෙනවා . දැන් කඩෙන් අපට ණයට බඩු දෙන්නේ නෑ . බැරිම තැන තමයි අවසාන වශයෙන් හුළං විස්කෝතු ණයට අරගෙනවිත් දරුවන්ට දුන්නේ . මේ තියන තත්වය යටතේ මට මේ දරුවන් තව දුරටත් නඩත්තු කරන්න බෑ . ඔවුන් ළමා නිවාසයකට යන්න කැමැතිත් නෑ මාව දාලා . දැන් අපි තුන් දෙනාට මැරෙන්නයි වෙලා තියෙන්නේ . මම වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පොලීසි කිහිපයකට ගිහින් මේ ගැන කීවත් කිසිම විසඳුමක් ලැබුණේ නෑ . බැරිම තැන තමයි මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ වරුණි මැඩම් හමු වෙන්න ආවේ . ” කෙසේ වෙතත් ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු එම කාර්යාංශයේ පොලිස් නිලධාරීහු එම පවුල ගැන අනුකම්පා කර මුදල් එකතු කර ඔවුන්ට දින කිහිපයකට අවශ්‍ය වියළි ආහාර සපයා දීමට කටයුතු කළහ .

දැරියගේ මව හා පියා ද පොලිසියට කැඳවා ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා පැමිණිල්ල විභාග කරන ලෙසත් දැරියගේ සුබ සාධනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා පොලීසියට උපදෙස් ලබා දී තිබේ . අදාළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් නිරික්ෂණ වාර්තාවක් කැඳවීමටද තීරණය වී ඇත . මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57