මිද්දෙණිය ඝාතනයට සම්බන්ධ ව අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු රඳවා තබාගෙන දින 90ක කාලයක් ප්‍රශ්න කිරීමට පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
පසුගිය 18 වැනි දින රාත්‍රී 10.30ට පමණ මිද්දෙණිය – කඩේවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් සිය දරුවන් දෙදෙනා සමග ගමන් කරමින් සිටි කජ්ජා නොහොත් අරුණ විදානගමගේ හට නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලා ගියා.
එම වෙඩි ප්‍රහාරයෙන් 39 හැවිරිදි කජ්ජා ලෙස සැලකූ තැනැත්තා එම ස්ථානයේ දී ම මිය ගිය අතර බරපතළ තුවාල ලැබූ සය හැවිරිදි දියණිය සහ 9 හැවිරිදි පුතු ඊට දෙදිනකට පසු ජීවිතක්ෂයට පත් වුණා.
මෙම සිද්ධිය අත් අඩංගුවට ගැනුණු සැකකරුවන්ට එරෙහිවයි මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇත්තේ.