මිත්‍රශක්ති හමුදා අභ්‍යාසය ඇරඹේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 11 වැනි වරට පැවැත්වෙන මිත්‍ර ශක්ති ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අද කර්නාටකයේ බෙල්ගාවි හිදී ආරම්භ වුණා.

යුද අභ්‍යාසය නොවැම්බර් 23 දක්වා පැවැත්වෙනවා.

මේ ව⁣ස⁣රේ මිත්‍ර ශක්ති අභ්‍යාසය නාගරික සහ අර්ධ නාගරික භූමි ප්‍රදේශ හරහා ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීමේදී ඉන්දීය සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර මෙහෙයුම් සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් සිදු කෙරෙනවා.

මෙම සහයෝගී පුහුණු අවස්ථාව කලාපීය සාමය සහ ආරක්ෂාව සඳහා දෙරටේ හවුල් කැපවීම අවධාරණය කරන්නක

එහි අරමුණ හමුදා දෙක අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම බව ඉන්දීය හමුදාව පැවසුවා

එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ද උපකාරී වනු ඇති.

මිත්‍ර ශක්ති’ යනු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දී වසරින් වසර පවත්වනු ලබන පුහුණු අභ්‍යසයක්.

ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසයේ 10 වැනි අදියර පසුගිය වසරේ මාදුරු ඔය හමුදා පුහුණු පාසලේ දී පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?