AFC Banner
Empty Ad
Empty Ad

මැලේසියාවට එරෙහිව ශ්‍රී ලංකා කතුන් පළමු ව පිත්ත අතට ගනියි

ආසියානු කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අද (22) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තීරණය කළා.

ඒ සිය ප්‍රතිවාදී මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළ අතර; තරගය රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මේ වනවිට පැවති මුල් ම තරගය ජයග්‍රහණය කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ද දෙවැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාව සිය පළමු තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කළා.

මැලේසියානු කාන්තා කණ්ඩායම සිය පළමු තරගය ද පරාජයට පත් වූ අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ රැඳී සිටින්නේ අවසන් ස්ථානයේ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?