මැයි 09 සිද්ධිය ගැන ඇමති බන්දුල, ප්‍රසන්න ඇතුළු 39ක් ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කරගනී

පසුගිය වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලනඥයින්ගේ නිවාස දේපළ ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් අද (22) ඉල්ලා අස්කර ගත්තා.

මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ මැයි මස 09 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇතැයි දන්වා සිටියා.

එම කරුණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවීන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විරුද්ධ වුණා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන්නා.

මැයි මස 09 වනදා ඇතිවූ සිද්ධීන් වලින් පීඩාවට පත් බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු දේශපාලනඥයින් තිස් නවදෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25