මැයි 05 සිට 08 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

එළඹෙන මැයි මාසයේ පළමු සතියේ පාර්ලිමේන්තු කටයුතු මැයි 05 වනදා සිට 08 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

මේ අනුව මැයි 05 වැනි අගහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත්තේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වූ නියමයන් හතරක් (අංක 2471/52, 2471/53, 2471/54, 2471/55 දරන අති විශේෂ ගැසට් පත්‍ර) සහ නියෝගයක් (අංක 2475/28 දරන ගැසට් පත්‍රය) විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වී ඇති බව සඳහන්.

2026 මැයි 06 වැනි බදාදා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර, පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

ඉන්පසු පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන්කර ඇත්තේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බේරා ගැනීම, පුනරුත්ථාපනය සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව සඳහන්.

2026 මැයි 07 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
,
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 12.30 දක්වා ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග (අංක 2471/68 දරන ගැසට් පත්‍රය), (203 අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග ( අංක 2470/14 දරන ගැසට් පත්‍රය) සහ (351 අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග ( 2026.05.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

ඉන්පසු ප.ව 1.00 සිට ප.ව 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

2026 මැයි 08 සිකුරාදා පෙ. ව 11.05 ට පමණ වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක අතිගරු ටෝ ලාම් මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර, අනතුරුව පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇති බව සඳහන්.

ඉන්පසු ප.ව 1.30 සිට ප.ව 5.30 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා 07ක් විවාදයට ගැනීමට නියමිතයි.

5 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33
Video thumbnail
මොරටුව සලිත කරමින් ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති - හැමෝටම උපදෙස් දෙයි
03:35
Video thumbnail
සොයිසාපුර ගින්න ගැන නි. ඇමති එරංග හෙළිකල දේ - මිනිස්සු ජීවත්වෙනවා කියලා හිතන්නේ නැතුව හදපු නිවාස
07:42
Video thumbnail
අනෝජන් ගැන ප්‍රශ්න කරද්දි ඇමතිතුමා සෘජු පිළිතුරු දෙන්න අකමැති වුණා
07:01
Video thumbnail
සජබ විරෝධතාවට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - ආතල් දාන්න නෙවෙයි පාර්ලිමේන්තුවට එන්නේ..ඇයි මෙච්චර බය ?
10:57
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.24
09:18:51
Video thumbnail
අනේ මට මැ#න්න බෑ..ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට - උඹ ආවනම් ගුටි කාගෙන හිටපන් කියනවා ඒජන්සිය බැන්නා
06:10
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27