මැයි මාසයේදී සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 131ක අදායමක්

සංචාරක පැමිණීම් හරහා ශ්‍රී ලංකාව පසුගිය මැයි මාසයේදී ඩොලර් මිලියන 131.5ක මුදලක් උපයා තිබෙනවා.

ඒ අනුව, මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත සංචාරක ආදායම සියයට 200 ඉක්මවන කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මැයි මාසය සංචාරක පැමිණීම් අඩු මාසයක් ලෙස සලකනු ලැබුවද මෙවර කැපී පෙනෙන ඉහළ යාමක් සිදුවී ඇති බවයි.

අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 167ක් ලෙස ගණන් බලා තිබෙනවා.

ශ්‍රී ලංකාවට මැයි මාසයේදී සංචාරකයින් 83,309ක් පැමිණ ඇති අතර මෙම වසරේ සංචාරක පැමිණීම මාසයක් තුළ 100,000ට වඩා අඩු වූ පළමු අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත්, පසුගිය මැයි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 2022 මැයි මාසයේ වාර්තා වූ පැමිණීම් සංඛ්‍යාව හා සැසඳීමේ දී සියයට 175.5ක වැඩිවීමක්.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව, 2023 වසරේ මුල් මාස පහ තුළ විදේශිකයින් 524,486ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26