spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැයි මාසයේදී සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 131ක අදායමක්

සංචාරක පැමිණීම් හරහා ශ්‍රී ලංකාව පසුගිය මැයි මාසයේදී ඩොලර් මිලියන 131.5ක මුදලක් උපයා තිබෙනවා.

ඒ අනුව, මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත සංචාරක ආදායම සියයට 200 ඉක්මවන කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මැයි මාසය සංචාරක පැමිණීම් අඩු මාසයක් ලෙස සලකනු ලැබුවද මෙවර කැපී පෙනෙන ඉහළ යාමක් සිදුවී ඇති බවයි.

අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 167ක් ලෙස ගණන් බලා තිබෙනවා.

ශ්‍රී ලංකාවට මැයි මාසයේදී සංචාරකයින් 83,309ක් පැමිණ ඇති අතර මෙම වසරේ සංචාරක පැමිණීම මාසයක් තුළ 100,000ට වඩා අඩු වූ පළමු අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත්, පසුගිය මැයි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 2022 මැයි මාසයේ වාර්තා වූ පැමිණීම් සංඛ්‍යාව හා සැසඳීමේ දී සියයට 175.5ක වැඩිවීමක්.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව, 2023 වසරේ මුල් මාස පහ තුළ විදේශිකයින් 524,486ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?