AFC Banner
Empty Ad
Empty Ad

මැද පෙරදිග සේවය කරන ශ්‍රමිකයින්ට සුබ පුවතක්

අද වන විට කුවේට් ඩිනාරයක හුවමාරු වටිනාකම රු. 1,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා,

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව පෙරේදා දිනයේ දී රු. 968.90 ක් ලෙස පැවති කුවේට් ඩිනාරයක අනුරූපිත අනුපාතිකය ඊයේ දිනය වන විට රු. 1,006.17 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අනෙකුත් ප්‍රධාන පෙළේ මැදපෙරදිග මුදල් ඒකකයන් වන බහරේන් ඩිනාරයක මිල රු. 782.37 සිට රු. 811.80 ක් දක්වා ද, ඕමාන රියාලයක මිල රු. 766.18 සිට රු. 795.00 ක් දක්වා ද, කටාර් රියාලයක මිල රු. 80.93 සිට රු. 83.98 දක්වා ද, සවුදි අරාබි රියාලයක මිල රු. 78.63 සිට රු. 81.56 දක්වා ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයක මිල රු. 80.31 සිට රු. 83.33 දක්වා ද අද දින වැඩි වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?