මැද පංතිය හාන්සි කළ පැනවූ අලුත් බදු

ආණ්ඩුව ගෙනඑන අලුත් බදු පනතෙන් මැද පන්තිය හාන්සියි යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

‘ගැසට් එකක් ගහලා රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා තමයි මුදල් ඇමැති විදිහට මේ බදු පනත ඉදිරිපත් කරන්නේ. හැබැයි රාජපක්‍ෂලාගේ කණ්ඩායමේම අදහස් තමයි ඔහු ගෙනත් තියෙන්නේ.

රනිල් වික්‍රසිංහ ගෙනාපු මේ බදු ප්‍රතිපත්තියට උදව් කරන්නේ රාජපක්‍ෂලායි. සැප්තැම්බර් මාසේ 30 වැනිදා තෙක් පරණ බදු. ඔක්තෝබර් 01 වැනිදා ඉඳලා අලුත් බද්දක්. නැවත ඔක්තෝබර් 12 තව ගැසට් එකක් ගැහුවා. මේකෙන් මැද පන්තිය හාන්සියි. මොකද ඊළඟ මාස හයට දෙලක්‍ෂ පනස්දාහෙන් ඉදිරියට පනස්දහස බැගින් වැඩි වන විට අලුත් බදු ප්‍රතිශතය එය සියයට 6 ඉඳන් 6, 12, 18, 24, 30, 36 දක්වා වැඩිවෙනවා. මේක සාකච්ඡා කරලා නෑ කොහෙවත්. මේවා තමයි හැංගුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අත්සන් කළ ගිවිසුම් අඩුම ගානේ මුදල් කාරක සභාවටවත් ගෙනත් නෑ. අනිවාර්යයෙන් ගේන්න ඕන, පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න කලින්. මුදල් කාරක සභාවේදී අපි බලාගමු කොහොමද මේක සාකච්ඡා වෙන්නෙ කියලා. මන්ත්‍රීවරු කතාකරන්න ඕන, ඊට පස්සේ මේකට නිලධාරීන් ඇවිත් විශ්ලේෂණය කරන්න ඕන යැයි’ ද කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46