මැදපෙරදිග යුද්ධයේ දී රුසියාවේ සහාය ඉරානයට – ක්‍රෙම්ලිනය දැනුම්දෙයි

මැදපෙරදිග යුද්ධයේ දී රුසියාවේ සහාය ඉරානයට ලබාදෙන බව නිවේදනය කර තිබෙනවා.

timesofisrael.com වෙබ් අඩවිය වාර්තා කළේ රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් හා ඉරාන විදේශ අමාත්‍යවරයා අතර පැවති හමුවේදී මේ බව අවධාරණය කර ඇති බවයි.

එමෙන්ම ඊශ්‍රායල හා අමෙරිකානු ප්‍රහාර දැඩි ලෙස තමන් හෙළා දකින බවත්, ඉරානයට අවශ්‍ය පූර්ණ සහාය පැහැදිලි ස්ථාවරයකින් යුතුව ලබාදෙන බවත් රුසියාව දැනුම්දී තිබෙන අතර මෙමගින් විදෙස් මාධ්‍ය උපුටනයන් දක්වන්නේ ටෙහෙරාන් හා රුසියානු සබඳතා වැඩිදියුණු වී ඇති බවයි.

රුසියාව උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් ඇති ඉරානයට සහාය දැක්වීමට ප්‍රමාණවත් දෙයක් නොකළ බවට සමහර යුද විචාරකයින්ගේ විවේචන පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මෙම ප්‍රකාශය සිදු කළා.

“බොහෝ අය මොස්කව් සහ ටෙහෙරානය අතර සබඳතා විනාශ කිරීමට උත්සාහ කරන්නේ ගින්නට ඉන්ධන එකතු කිරීමෙනි” යනුවෙන් පෙස්කොව් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?