මැදපෙරදිග යුද්ධයෙන් පසු ගුවන් ගමන් ගැන නවතම තත්ත්වය හෙළි වෙයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් ගමන් ඊයේ (24) දින සවස 05.00 වනවිට සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.

මේ පිළිබඳ කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපති රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවේ, කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිත ගුවන් ගමන් මෙහෙයුම් 80% ක් සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති බවයි .

එහෙත් කටාර් ගුවන් සේවයේ ගුවන් ගමන් මෙහෙයුම් මේ වනවිටත් යථා තත්ත්වයට පත් වී නොමැති බවත්, එයට කටාර් ගුවන් යානා කාර්යය මණ්ඩල සහ දෝහා ගුවන් තොටුපොළ භූමි මෙහෙයුම් අංශවල නිලධාරීන් තවමත් අවශ්‍යතා පරිදි සේවය සඳහා වාර්තා නොකිරීම හේතු වී ඇති බවත් රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවා.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා පැවසුවේ, විකල්ප ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානා සියල්ලම මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, යළි ගුවන් ගමන් මෙහෙයුම් සඳහා ඒවා අනුයුක්ත කර ඇති බවයි .

විකල්ප ගුවන් ගමන් මාර්ග භාවිතා කිරීම, ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු වීම නිසා ඇතැම් විට සුළු වශයෙන් ගුවන් ගමන් ප්‍රමාද වීමක් ඇති වුව ද අද (25) දින වනවිට සියලුම ගුවන් ගමන් නියමිත කාලසටහනට අනුව ධාවනය කිරීමට හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34