AFC Banner
Empty Ad
Empty Ad

මැදගම වෙඩි තැබීමක්

මැදගම පොලිස් වසමේ, මීගහවගුර මාර්ගයේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා මොනණරාගල රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාල ලබා ඇත්තේ අවුරුදු 45ක් වු මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සැකකරුවන් හඳුනාගෙන නොමැති බවත් පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීම පිළිබඳ වැඩිදුර විමර්ශන මැදගම පොලීසිය සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?