පාර්ලිමේන්තුව අද (18) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
අද (18) සිට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම් සතියේ කටයුතු, පසුගිය 07 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි සිදුකෙරෙන බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ.
මේ අතර අද පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වුණා.
ඒ, අනුව පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම එම යෝජනාවයි.
අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන මෙම යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය ඉදිරි වෙනත් දිනයක දී පැවැත්වීමට නියමිත බව සඳහන්.





