මැතිව්ස්ගේ සිද්ධිය නිසා බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු ඉල්ලා අස්වෙයි

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් බංග්ලාදේශයේ වේගපන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංග්ලාදේශ් ක්‍රිකට් නිලධාරීන් සහ එරට මාධ්‍ය මෙය තහවුරු කර ඇති බවයි.

නායක ෂකීබ් අල් හසන් සම්බන්ධ “කාලය අවසන් වීමේ” මතභේදයෙන් පසුව ඩොනල්ඩ්ගේ ප්‍රසිද්ධ විවේචනයෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව සෙනසුරාදා පූනේ හිදී පැවැත්වෙන තරගයෙන් පසු බංග්ලාදේශය ලෝක කුසලානයේ බලාපොරොත්තු සුන්කරමින් තරගය අවසන් කරනවා.

ඇලන් ඩොනල්ඩ් සහ බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර විරසකය උත්සන්න වූයේ පසුගියදා ඇන්ජලෝ මැතිව්ස් දැවී යාමට කළ ඉල්ලීම් සිද්ධියේදී ෂකීබ්ගේ භූමිකාව විවේචනය කිරීමෙන් පසුවයි.

ශකීබ් අභියාචනය ඉල්ලා අස්කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මැතිව්ස් වසර 146ක ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ “කාලය ඉක්මවා ගිය” (TImed out) වූ පළමු ක්‍රීඩකයා බවටයි වාර්තා අතරට එක් වූයේ.

මෙම සිදුවීම පිළිබඳව සිය කම්පනය ප්‍රකාශ කරමින් ඩොනල්ඩ් ප්‍රකාශ කර තිබුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කම්පනයට පත් වන බවයි. ඩොනල්ඩ්ගේ ප්‍රසිද්ධ අදහස් සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සෑහීමකට පත් නොවූ අතර ඔහුගෙන් ලිඛිත පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි බව වාර්තා වනවා. BCB ප්‍රධාන විධායක Nizam Uddin Chowdhury පැහැදිලි කළේ ලෝක කුසලානයෙන් පසුව අවසන් වීමට නියමිත ඩොනල්ඩ්ගේ කොන්ත්‍රාත්තුව අලුත් කිරීම සඳහා කිසිදු ඉල්ලීමක් කර නොමැති බවයි.

බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඩොනල්ඩ්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටි අතර ඔහු අවධාරණය කළේ තමන් පිටත්ව යන පුහුණුකරු සමඟ ඒ පිළිබඳව සාකච්ඡා නොකළ බවයි. කෙසේ වෙතත්, හතුරුසිංහ සංචිතයේ වේගපන්දු යවන්නන්ට ඩොනල්ඩ්ගේ පුහුණුව සම්බන්ධයෙන් ප්‍රශංසා කළේ වේග පන්දු යැවීමේ ඒකකයේ සාර්ථකත්වයට ඔහුගේ දායකත්වය අගය කරමින්.

ඇලන් ඩොනල්ඩ් 2022 වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයේ වේග පන්දු පුහුණුකරුගේ භූමිකාව භාර ගනු ලැබුවා. එහිදී ඔහු දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ශ්‍රී ලංකාව සමඟ ඔහුගේ පෙර භූමිකාවන්ට වඩා පුළුල් පුහුණු අත්දැකීම් කණ්ඩායමට ලබා දුන් බවයි සඳහන් වන්නේ.

57 හැවිරිදි ඩොනල්ඩ් පවසන්නේ සිය පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට තමා මෙම තීරණය ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
6
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40