AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත හෙට විවාදයට

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත හෙට (19) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය හෙට (19) පැවැත්වීමට අද (18) කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ.

මේ අනුව හෙට පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිතයි.

අද දිනයේදී මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට, මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?