මැතිවරණ පෙත්සම නියමිත පරිදි 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසූන්දර ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදා ට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනු කළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අනුව දාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම මෝසම අද (20) එස්.තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 10 වනදා තීන්දු කළ බව සඳහන් කළා.

එහෙත් තැපැල් ඡන්ද විමසීම ලබන 22 වනදා පැවැත්වීමට නියමිතව තිබූ බැවින් ඊට පෙර මෙම නඩුව සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලා අදාළ මෝසම ගොනු කළ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එහෙත් මේ වන විට ලබන 23 වනදාට පෙර තැපැල් ඡන්ද විමසීම නොපැවැත්වෙන බවට තම සේවාදායකයාට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති හෙයින් මෙම මෝසම සලකා බැලීම අවශ්‍ය නොවන බවත් ජනාධිපති නීතිඥවරයා දන්වා සිටියා.

එම ඉල්ලීමට මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධය පළ කළේ නැහැ.

ඒ, අනුව අදාළ ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ අදාළ පෙත්සම කලින් නියම කළ පරිදි ලබන 23 වනදා වැඩිදුර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ද නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51