පසුගිය මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සදහා හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (06) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියා.
එහිදි නඩුව කැදවූ බදුල්ල මහේස්ත්‍රාත් උදිත් ගුණතිලක විසින් එම නඩුව ලබන මැයි මස 05 වැනිදා නැවත කැඳවන ලෙසට නියෝග කරනු ලැබුවා.
මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කිරිමට තිබූ දින දහවල් බදුල්ල නගරයේ දි මැතිවරණ නිති උල්ලංඝනය වන ආකාරයෙන් පෙළපාලියකින් ගමන් කිරිම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට, 2024 වසරේ නොවැම්බර් මස 20 වැනිදා බදුල්ල මූලස්ථාන පොලිසිය වෙත පැමිණි අවස්ථාවේ දි අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා එදින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.
එහිදී හිටපු අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.




